ගෑස් පුපුරා යාම හේතුවෙන් සිරුරට ගිනි ඇවිලී මියගිය සිව් දරු මව වෙනුවෙන් නොමිලයේ පෙනී සිටින බව ජනාධිපති නීතීඥ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.
අනතුරෙන් මිය ගොස් සිටින මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අශෝකා ප්‍රියංගනීගේ සැමියා, මේ වන විටත්, ගෑස් සමාගමට එරෙහිව තමත් අධිකරණයට යන බව පවසා තිබේ.
මියගිය අශෝකා ප්‍රියංගනී වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබා දීම සදහා තමන් ඇතුළු නීතීඥ කණ්ඩායමක් නොමිලයේ පෙනී සිටින බව නීතීඥ විජේදාස රාජපක්ෂ පවසා තිබේ.