ආණ්ඩුවක දැඩි තීන්දුවක…! ජලය විදුලිය සඳහා විතරයි..! විනාශ වන කුඹුරුවලට වන්දි…!

August 6, 2023 at 7:44 pm | by emanisa.lk

මේ වන විට උඩවළව ආශ්‍රිත වාරි පද්ධතිය භයංකාර තත්ත්වයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාපිළිවෙත නිසා හෙක්ටයාර් 25000ක පමණ ගොවිබිම් විනාශ වී පවුල් 30 000ක් පමණ අනාථයින් බවට පත්වීමේ අවධානමක ඇති බවයි.

කැබිනට් මණ්ඩලය විදුලිය නොකැපීමේ දැඩි තීන්දුවක සිට ගොවීන්ට ජලය ලබා නොදී වගා හානි වන්දි ලබා දීමට සහ සහල් ආනයනයට කටයුතු කරමින් ඇති බවට ද හෙතෙම චෝදනා කරයි.

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එකතු වීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *