නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල නිතරගයෙන් පත් විය. ඔහුගේ නම යෝජනා කළේ අගමැතිනි හරිනි අමරසූරිය විසිනි. එම යෝජනාව අමාත්‍ය විජිත හේරත් ය.
ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන රන්වල, මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කොට මනාප ඡන්ද 1,09,332ක් ලබා ගම්පහ ජාජබ මනාප ලැයිස්තුවේ හයවන ස්ථානයට පත් විය.
හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකුද වන අශෝක රන්වල, ජෛව ජනන අර්ථ ශාස්ත්‍ර පර්යේෂණායතනයේ අධ්යක්ෂවරයාද විය. ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළ අශෝක රන්වල, ජාතික ජන බලවේගය සමඟ ප්‍රබල ක්‍රියාකාරී දේශපාලනයක නිරත වූවෙකි.
අශෝක රන්වල පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලැබ කතානායක ධුරයට පත් ප්‍රථමයා ලෙස ඉතිහාසගත වනු ඇත.