ආගම විකුණං කන ජාතිකවාදීන්ගෙන් පරිස්සම් වෙන්න…! – පාඨලී…

May 30, 2023 at 8:54 am | by emanisa.lk

ආගමික සංවේදීතාව විකුණූ අවර ගණයේ ජාතිකවාදීන් නැවත සංවිධානය වී ඇති බවත් මේ හේතුවෙන් සියලු දෙනා තම අදහස් පළකිරීමේ අයිතිය මූලික මිනිස් අයිතියට අනුකූලව භාවිත කළ බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.

2007 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින් ගෙන ආ ICCPR පනත මේ වන විට බලගතු පුද්ගලයින් දේශපාලන අවියක් ලෙස භාවිත කරන බවට ද චම්පික රණවක චෝදනා කරයි.

මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සංවත්සර උත්සවය සඳහා සහභාගී වූ චම්පික රණවකගෙන් මේ වන විට රට තුළ ආගම් විවේචනය කරමින් පැතිර යන ප්‍රකාශ පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ විට මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *