මම උපතින් මුස්ලිම්. 2014 දී ආගමෙන් ඉවත් වුණා. මම නිරාගමිකයි. මගේ මුහුණු පොත හරහා ඉස්ලාම් ආගම ගැන මම ලියුවා. මට ඉන්පසු මරණ තර්ජන ආවා. 2016 ජූලි 16 මම පොලිසියට පැමිණිලි කළා. 2017-07-28 සහ 08-28 යන දිනවලත් පැමිණිලි කළා. එත් ඒ පැමිණිලි ගැන කිසිවක් විමසලා නෑ. පාස්කු බෝම්බ ප‍්‍රහාරයට පසු දෙවරක් පොලිස් නිලධාරීන් මගේ නිවසට ආවා. ඇවිත් ආරක්‍ෂාව තිබෙනවාද කියා ප‍්‍රශ්න කළා. මට ත‍්‍රස්ත විමර්ශන අංශයට එන්න කීවා. දැනට අත්අඩංගුවේ සිටින හතර දෙනෙක් මාව මරා දමන්න පසුපස පැමිණ තිබෙන බව කීවා.
දෙහිවල ළමා නිවාසයක දරුවන් 18 ක් අතවරයට ලක්වූ බවට නුගේගොඩ උසාවියේ නඩු තුනක් තිබෙනවා. මේ දරුවන් උදෙසා මා උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණ කළා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටත් උද්ඝෝෂණයක් පවත්වන බව මගේ මුහුණු පොතේ දැමුවා. මේක දුටු සහරාන් මාව එතනදි මරන්න කියලා හතර දෙනෙක් එවා තිබෙන බව ලබාගෙන තිබෙන කට උත්තරවලින් දැනගත්තා.
ඉස්ලාම් ආගම අතහැරියාම මරා දැමිය යුතු බව ආගමේම තියෙනවා. ඒ බව පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දෙන 9 සහ 10 ශ්‍රේණිවල ඉස්ලාම් ආගම පොතේත් තිබෙනවා. 2015, 2016, 2017 පොත්වල තිබෙනවා එවන් කෙනෙක් ධර්මයේ ද්‍රෝහීන් ලෙස සැලකිය යුතුයි කියා.
මේ වගේ කරුණු පාසැල් පොත්වල තිබියදී සහරාන්ලා බිහිවෙන්න සිරියාවෙන් කවුරුවත් එන්න ඕනේ නෑ. ඉස්ලාම් ආගම අතහරින කෙනෙක් මරා දැමිය යුතු බව කුරානයේ සඳහන් වෙන්නේ නෑ. නමුත් නබිතුමා කළ ප‍්‍රකාශවල තිබෙනවා.
පාසල් පෙළ පොත්වලට මේ වගේ දේශනා ඇතුළත් කර ආණ්ඩුවෙන්ම උගන්වලා තියෙනවා රැඩිකල් වෙන්න.