ආගමික ස්ථානවල ආරක්ෂාව ඉවත් කළ කතා බොරු…! – ආරක්ෂක අමාත්‍යංශය…

November 3, 2024 at 7:33 pm | by emanisa.lk

ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා මේ බව සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අසත්‍ය පුවත පළකර ඇති බවත්, එම තොරතුරු සියල්ල X පණිවුඩයක් මගින් මේ වන විටත් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

යුද හමුදාවෙන් පන්සල් 89ක සෙබළුන් 1584 දෙනෙකු ආරක්ෂක සහ ඉදිකිරීම් කටයුතු සඳහා අනුයුක්ත කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කේ.ඒ.එන්. රසික කුමාර මහතා අනාවරණය කළ අතර එය ආරක්ෂක විශ්ලේෂණ අනුව අඩු වැඩි විය හැකි බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *