අහඹු PCR පරීක්ෂණ වහාම නතර කරන්න කීවා…! PCR අඩුකර රෝගීන් අඩු බව ජනතාවට පෙන්නීම ඉතා ම භයානකයි…! – මහජන පරීක්ෂකවරු…

April 29, 2021 at 9:32 pm | by emanisa.lk

2020 මාර්තු මස සිට මේ වන විට PCR පරීක්ෂණ ලක්ෂ 27කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද ඊයේ දින ලංකාවේ PCR පරීක්ෂණ 23730ක් සිදුකර ඇතැයි ද රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න පවසයි.

ඊයේ දින සිදුකළ එම PCR පරීක්ෂණ ප්‍රමාණය ලංකාවේ දිනක සිදුකළ වැඩිම PCR පරීක්ෂණ ගණන බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුව ද අද සිට රට පුරා සිදුකරන අහඹු PCR පරීක්ෂණ වහාම නවතා දමන ලෙස පළාත් කිහිපයකට දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ චෝදනා කරයි.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් ඇත්නම් ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් නොකර පරීක්ෂණ ප්‍රමාණය අඩුකර රෝගීන් ගණන අඩු වී ඇතැයි ජනතාව තුළ සහනදායි හැඟීමක් ඇති වන ආකාරයට කටයුතු කිරීම භයානක බව ද ඔහු අවධාරණය කරයි.

ඒ නිසා කොවිඩ් වසංගත තත්ත්වය තව තවත් පැතිරීමේ අවදානමක් ඇතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *