අවුරුදු 10කින් බලාගාරයක් හදලා නෑ… දේශපාලන වාසි ගන්න බිල අඩු කළා.. විදුලි අර්බුදයක් ආවේ ඒකයි…! – මාලිමා මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර…

January 10, 2025 at 6:23 pm | by emanisa.lk

අවුරුදු දහයක් තිස්සේ මේ රටේ විදුලි බලාගාර ගොඩනැඟීමට කිසිදු ආයෝජනයක් සිදුකර නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

එසේම දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එක් එක් අවස්ථාවල විදුලි බිල අවභාවිත කිරීම ද විදුලි අර්බුදයට හේතුවක් බවයි, මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ.

2022 රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමත් සමග විදුලි බිල 400%කින් වැඩි වූ බවත් ඒ නිසා රටේ කර්මාන්ත පවත්වා ගෙන යෑම අර්බුදයක් බවට පත්ව ඇති බවත් ඇය අවධාරණය කරයි.

ලක්මාලී හේමචන්ද්‍ර මේ බව සඳහන් කළේ ඊයේ (09) ස්වර්ණවාහිනි රතු ඉර වැඩසටහනට එකතු වෙමිනි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය යහපාලන ආණ්ඩුව සමග එකතු වී ජනතා විමුක්ති පෙරමුණ නතර කළ බවත් ඒ නිසා රටට සිදු වූ පාඩුව ඩොලර් මිලියන 400ක් බවත්ය.

බදුල්ල බණ්ඩාරවෙල ගිලා බසින බව පවසා උමා ඔය නතර කළ ද අනතුරුව එය ගෝඨාභය පාලනය යටතේ සම්පූර්ණ කළ ද තවමත් එම නගර ගිලා බැස නොමැති බව ද ඩී.වී. චානක එහි දී වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *