අවුරුදු 02ක් විනාශ කළ රට දවස් ගාණෙන් හදන්න බෑ…! රට හදන්න මාස 06ක් අවු. 05ක් ඉල්ලන අය රනිල්ට කාලය නොදෙන්නේ ඇයි…? – රුවන්…

June 28, 2022 at 3:25 pm | by emanisa.lk

රට බාර දුනහොත් මාස 06න්, අවුරුද්දෙන්, අවුරුදු පහෙන් තමන්ට රට හැදිය හැකි බව කියන විපක්ෂ කණ්ඩායම් ඒ් කාලය අගමැති රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන්නේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රශ්න කරයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය ගෙන තවමත් මාස දෙකක්වත් ගතවී නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය නායකයා, අවුරුදු දෙකක් විනාශ කළ රට දින කිහිපයකින් ගොඩගත යුතුයැයි පෙන්වන්නේ අර්බුදයෙන් වාසි ගන්නට උත්සාහ කරන පිරිස් මිස සැබෑ දේශප්‍රේමීන් නොවන බව ද කීය.

රට යළිත් පෙර තිබුණු තැනට ගෙන ඒ්මට රනිල් වික්‍රමසිංහට ද සැලකිය යුතු කාලයක් ලබා දෙන්නැයි රුවන් විජයවර්ධන ඉල්ලා සිටියේය.

විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක් සමඟ කොළඹ දී අද (28) පැවැති සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව කීවේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *