අවුරුදු නැකැත් හදන එක ජ්‍යොතීර්වේදීනගේ වැඩක්…! – ඇමති නලින්ද ජයතිස්ස…

March 12, 2026 at 7:27 pm | by emanisa.lk

සිංහල අලුත් අවුරුද්ද මෙරට ඉතාම වැදගත් සංස්කෘතික උත්සවයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එය නැකැත් සමග බැඳී ඇති බවත් ජ්‍යෙතීර්වේදීන් එම නැකැත් ඉදිරිපත් කළ විට ප්‍රකාශයට පත්කිරීම සංස්කෘතික අමාත්‍යංශයේ කාර්ය බවත් ඔහු පෙන්වා දෙයි.

එම ජ්‍යෙතීර්වේදීන් ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති නොකර නැකැත් සාදා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *