අවුරුදු තුනෙන් මම මේ රට හදනවා…! – පාඨලී…

August 4, 2023 at 4:31 pm | by emanisa.lk

එක්සත් ජනරජ පෙරමුණ යටතේ වසර තුනක් ඇතුළත මේ රට ගොඩනඟන බව එහි නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිය ආණ්ඩුව යටතේ අද රට මුහුණ දෙන මූලික ගැටලු තුනක් සඳහා විසඳුම් ලබා දෙන බවයි.

ඒ යටතේ ඖෂධ සහ රෝහල් පද්ධතිය මුහුණ දෙන ගැටලුවට ද රටේ ආහාර අර්බුදයට ද බලශක්ති අර්බුදයට ද වසර තුනකින් විසඳුම් ලබා දෙන බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

රටේ වැදගත් වෘත්තිකයින්ට සහ ජනතාවට මේ රට ගොඩනඟන බවට බලාපොරොත්තුවක් ලබා දීම එහි ආරම්භය බවයි, අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණු සමුළුව අමතමින් ඔහු අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *