අවුරුදු අනතුරු අඩුවෙයි… ගිනි කෙළි අනතුරු නෑ..!

April 15, 2024 at 10:13 am | by emanisa.lk

අද (14) උදෑසන 7න් අවසන් වූ පැය 24 තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

කෙසේ වෙතත් ඊයේ (13) දින ගිණිකෙළි අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බවට වාර්තා වෙයි.

ඒ අනුව පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *