අවුරුද්ද පුරා සහල් රු. 105ට දෙනවා…! – බන්දුල..

January 14, 2022 at 9:41 am | by emanisa.lk

මෙම වසර අවසානය වන තෙක් නාඩු කිලෝවක් රුපියල් 105ට වඩා අඩුවෙන් සතොස මගින් අලෙවි කිරීමේ වගකීම භාරගන්නා බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එසේ ම සුපිරි සම්බා කිලෝවක් 130ට වඩා අඩුවෙන් ජනතාවට සතොස ඔස්සේ ලබා දෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මේ වන විට සත 25 බද්දට පෞද්ගලික අංශය ගෙන ආ සහල් සහල් කන්ටේනර් 500ක් පමණ වරායේ ඇති බවත් ඒවා වෙළඳපොළට නිකුත් වූ පසු විවෘත වෙළඳපොළේ ද සහල් මිල පහත වැටෙනු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

ඊයේ (13) අම්බලන්ගොඩ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සතොස මගින් මුං ඇට කිලෝවක් රුපියල් 225 ට ලබාදීමට පොරොන්දු වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *