අවුරුද්ද අන්තිමේ හදන්නේ ජනතාවගේ ආයුෂ වැඩි කරන ආණ්ඩුවක්…! – සජිත්…

April 7, 2024 at 8:04 pm | by emanisa.lk

සමගි ආණ්ඩුවක් යටතේ ව්‍යවසායකින් ලක්ෂ 10ක් බිහි කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, ජනසවියටත් වඩා ශක්තිමත් වැඩසටහනක් නිර්මාණය කර සියලු දුප්පතුන්ට දුප්පත්කමින් මිදීමේ ඉණිමග සපයා දෙන බවයි.

වසර අවසානයේ නිර්මාණය වන හැරවුම් ලක්ෂය තුළ ලක්ෂ 220ක් ජනතාවගේ ආයු කාලය වර්ධනය කරන පොදුජන යුගය නිර්මාණය කරන බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහනක් කුරුණෑගල, හිරිපිටියේ දී අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *