අවුරුද්දකට පමණ ප්රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීනි ගීතා කුමාරසිංහ පවසයි.
ඉන්ධන හිගවෙතැයි බියෙන් තමන් මෙසේ කළ බවත් ඒ ආකාරයට ම ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.
බෙන්තර ඇල්පිටිය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.