ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ අවස්ථාවාදීන් දැන් අම්බලන් සොයමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
අවස්ථාවාදීන්ට මේ වන විට සිය පක්ෂයේ දොර වැසී ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.
එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැටළුවක් නොවන අතර පක්ෂයක් ලෙස ඉතා ශක්තිමත් වැඩපිළිවෙලක් සමඟ ඉදිරියට යමින් සිටින බවයි, රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
මේ වන විට දේශපාලන පක්ෂ, කණ්ඩායම් බොහෝ පොරොන්දු දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු එම පොරොන්දු ඉටුකළ හැකි දේශපාලන පක්ෂය බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.
ගම තුළ අවලංගුභාවයට පත්ව සිටින පිරිස් යම් යම් නවාතැන් පොළවල් සොයමින් සිටින්නේ නැවත කෙසේ හෝ පාර්ලිමේන්තුවට යාමට මෙන්ම ඇමති ධූර ලබා ගැනීමට නිසා එවැනි අවස්ථාවාදීන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉඩක් නැති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.