රුපියල තව දුරටත් අවප්‍රමාණ වෙයි….! ඩොලරයක් රු. 202 ඉක්මවයි….!

March 31, 2021 at 5:58 pm | by emanisa.lk

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (31) 202 සීමාව ඉක්මවා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (31) රුපියල් 202.04ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.62ක් ලෙසත් දැක්විණි.

මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1 කින් අවප්‍රමාණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *