නව අමාත්‍ය මණ්ඩලය 20යි…! දිනේෂ්ට ලොකු ඇමැතිකමක්…!

April 18, 2022 at 1:12 pm | by emanisa.lk

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේ දී අද (18) උදෑසන ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු ද ඉතිරි පිරිස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් ද පත් කෙරිණි.

දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ලෙස ද, ඩග්ලස් දේවානන්ද ධීවර අමත්‍ය ලෙස ද, වෛද්‍ය රමේෂ් පතිරණ අධ්‍යාපන වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙස ද, ප්‍රසන්න රණතුංග මහජන ආරක්ෂ, සංචාරක අමාත්‍ය ලෙස ද, දිලුම් අමුණුගම ප්‍රවාහන, කර්මාන්ත අමාත්‍ය ලෙස ද, කනක හේරත් මහා මාර්ග අමාත්‍ය ලෙස ද, විදුර වික්‍රමනායක කම්කරු අමාත්‍ය ලෙස ද පත්විය.

ජානක වක්කුඹුර කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙස ද, ශෙහාන් සේමසිංහ වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ලෙස ද, මොහාන් ප්‍රියදර්ශන ජල සම්පාදන අමාත්‍ය ලෙස ද,විමලවීර දිසානායක වනජීව හා වන සම්පත් සංරක්ෂණ ඇමැති ලෙස ද, කංචන විජේසේකර බලශක්ති හා විදුලිබල අමාත්‍ය ලෙස ද, තේනුක විදානගමගේ මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ලෙස ද, නාලක ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍ය ලෙස ද, මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ලෙස ද, නසීර් අහමඩ් පරිසර අමාත්‍ය ලෙස ද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය ලෙස ද දිවුරුම් දුන්හ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, අලී සබ්රි, ජී.එල්. පීරිස් සහ දිනේෂ් ගුණවර්ධන මෙයට පෙර ඇමැති ධූරවල දිවුරුම් දුන්හ. කෙසේ වුව ද දිනේෂ් ගුණවර්ධනගේ ඇමැති ධූරය අද නැවත වෙනස් වූ අතර ඔහු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *