අලුත් අවුරුද්දේ අධිවේගයේ ආදායම ඉහළට.. දිනක ආදායම මිලියන 44 පනී..!

April 15, 2024 at 10:46 am | by emanisa.lk

අධිවේගී මාර්ගවල රථ වාහන ධාවනය සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකක අධ්‍යක්ෂ ආර්.අයි.ඩී. කහටපිටිය මහතා පවසයි.

ඒ අනුව පෙරේදා (13) රථ වාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය කර ඇති අතර ඉන් හාරකෝටි හතලිස් ලක්ෂයක ආදායමක් ලැබි ඇත.

අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමට පෙර වාහනය ධාවනයට සුදුසු ද යන්න පරීක්ෂා කර සුදුසු නම් පමණක් අධිවේගී මාර්ගයට ඇතුළු කරන ලෙස රියදුරන්ට දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *