අලුත් අවුරුද්දේ අඩුවට සූර් වෙන්න ඉඩ.. ගල් අරක්කු මිල පහළට…!

March 27, 2024 at 10:43 am | by emanisa.lk

මත්පැන් නිෂ්පාදන වියදම් අඩු කර සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගල් අරක්කු බෝතලයක මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දැනුම් දී තිබේ.

ඒ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සහ නිෂ්පාදන සමාගම් අතර පැවති සාකච්ඡාවකදී ය.

මේ වන විට මිල අධික වීම නිසා මත්පැන් අලෙවියද අඩු වී ඇති අතර එතනෝල් අලෙවිය අඩු වීම නිසා එතනෝල් ලීටරයක මිල රුපියල් 1200 සිට රුපියල් 800 දක්වා අඩු කර ඇත.

මේ අතර එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බවද ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *