වැඩ තහනමට ලක්ව සිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම තීරණය කර තිබේ.
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඩිල්රුක්ෂි වික්‍රමසිංහ අතර සිදුවූ බව කියන දුරකථන සංවාදයක හඬපටයක් 2019 වසරේ දී ප්‍රසිද්ධියට පත් වූ අතර එම වසරේ සැප්තැම්බර් 24 වන දා ඇය තාවකාලිකව වැඩතහනමට ලක්. කෙරිණි.
කෙසේ වෙතත් එම හඬපටය සංස්කරණය කරන ලද්දක් බවට මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තා සලකා බලා ඇය අදාළ චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමටයි රාජ්‍ය සේවා කොමිසම තීරණය කර ඇත.
මේ වන විට ඇය විශ්‍රාම ගෙන සිටින අතර රාජ්‍ය සේවා කොමිසමේ මෙම තීරණයත් සමග ඇයට හිමි වියයුතු හිඟ වැටුප් සහ වරප්‍රසාද ඉදිරියේ දී හිමිවනු ඇත.