මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පසු දිනම විනාශ කිරීම සඳහා නව ක්‍රමවේදයක් මේ වන විට සකස් කරමින් ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
ඒ සඳහා මේ වන විට අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සකස් කරමින් ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා අනාවරණය කරයි.
ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, එහි දී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග පසුදින ම අධිකරණයට ඉදිරිපත් කර එහි සාම්පල් කිහිපයක් තබා ගෙන විනිසුරුවරයා ඉදිරියේ ම අදාළ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමට කටයුතු කරන බවයි.
එවිට අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය නැවත වෙළෙඳපොළට පැමිණෙන බවට සමාජයේ පවතින දුර්මතය දුරුවනු ඇතැයි ද කමල් ගුණරත්න පවසයි.
පසුගිය සමයේ ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් අඛණ්ඩව සිදුකිරීම හේතුවෙන් රට තුළ මත්ද්‍රව්‍ය හිගයක් පවතින බව ද ඔහු සඳහන් කරයි.