අරුන්දික ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි…!

February 3, 2022 at 2:27 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරයෙන් අද( 03) ඉල්ලා අස්විය.

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට සහ ඔහුගේ පුත්‍රයාට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ.

නිසි පරීක්ෂණයක් කර අවසන් වෙන තුරු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සිය අමාත්‍යංශයේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය නිසා අරුන්දික ප්‍රනාන්දුට ඇමැති ධූරයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි මෙයට පෙර මාධ්‍ය වාර්තා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *