ජාතික භාෂාවන්ට අමතරව වෙනත් භාෂාවලින් මං මාවත්වලට නම් යොදා ඇත්නම් ඒවා කඩිනමින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව නැගෙනහිර පළාතේ මංමාවත්වලට අරාබි භාෂාවෙන් යොදා ඇති නාම පුවරු සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බැවින් විශේෂ නියාමන මණ්ඩලයක් හරහා නිර්දේශ ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුව සුදානම් වෙයි.
ජාතික භාෂාවට අමතරව වෙනත් භාෂාවක් එම නාම පුවරු සඳහා ඇතුළත්ව ඇත්නම් ඒවා ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරී උපේන්ද්‍ර අබේකෝන් සඳහන් කරයි.
ජාතික භාෂාවන්ට අමතරව වෙනත් භාෂාවක් නාමපුවරු අතරට එක් කිරීම සම්බන්ධයෙන් එම රාජ්‍ය ආයතනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ පළාත් මහා අධිකරණයේ නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි කර තිබේ.
එයට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත්, පාර්ලිමේන්තුවටත් පැමිණිලි කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති බව ඔහු පවසයි.
ව්‍යවස්ථාවට අනුකූලව යම් නාම පුවරුවක් මහ ජනයාට ප්‍රදර්ශනය කරන්නේ නම් සිංහල සහ දෙමළ භාෂාවට ප්‍රධාන තැනක් ලබා දිය යුතු අතර ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක් බැවින් ඒ සඳහා තෙවැනි තැන ලබා දිය යුතු බව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.