අර්බුදය අඩියෙන් අඩිය මැඩලයි…! ලබන සතියේ විනිමය සීමා ඉවතට..!

March 4, 2023 at 10:44 am | by emanisa.lk

විදේශ විනිමය වෙළෙඳපොළ පිළිබඳව පනවා ඇති සීමා එළඹෙන සතියේ සිට ඉවත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

එළඹෙන සඳුදා අඟහරුවාදා වන විට එම සීමා ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව ද අධිපතිවරයා පැවසීය.

ඒ අනුව අපනයනය කටයුතුවල දී මෙතෙක් බලපෑ පොලිය රඳවා ගැනීම ඇතුළු සීමාවන් ඉවත් වීම සීමාවන් ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු වීමට නියමිතය.

කෙසේ වුව ද අපනයනකරුවන් වෙනත් රටවල රඳවා ඇති විදේශ විනිමය මෙරටට රැගෙන ආ යුතු බව ද නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *