අර්ථසාධකේට තට්ටු කරන වැඩේ සජබ නිසා වැළකුණා…! – සජිත්…

February 17, 2022 at 12:51 pm | by emanisa.lk

ජනතාවගේ අර්ථ සාධක අරමුදලට තට්ටු කිරීමට ආණ්ඩුව කළ සැලසුම සමගි ජන බලවේගය සිදුකළ අරගලය නිසා හකුළා ගැනීමට සිදුවූ බව එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විසි හතර පැයේ ම ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආණ්ඩුවක් බලයේ සිටින බවටත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස සහ භාෂණයේ නිදහස පවා අද වන විට අහිමි කර ඇති බවටත් විපක්ෂ නායකවරයා චෝදනා කළේ ය.

සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් සඳහන් කළේ, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට බලය පැමිණි ආණ්ඩුවෙන් ජනතාවට ආරක්ෂා වීමට සිදුව ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *