මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඊයේ (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත ඔවුන් අද (05) දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඊයේ දමිතා ප්‍රකාශ කළේ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන අතර තමන් ද හිර ගෙදර අවුරුදු කන බවයි.