අරගල ගින්නෙන් නීතීඥ සංගමේ සුරුට්ටු පත්තු කළා…! සාලිය පීරිස් අගමැති වෙන්න සූට් මහන් හිටියේ..! – ජනපති..

November 25, 2023 at 9:03 am | by emanisa.lk

නිර්පාක්ෂික අගමැතිවරයෙක් ලෙස නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් පත්වීමට සූදානමින් සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඒ සම්බන්ධව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කළ බවත් පැවසූ ජනාධිපතිවරයා, ඒ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වන ලෙස ද යෝජනා කළ බවත් කීවේය.

තමා කිසි විටෙකත් අගමැතිවීමට හෝ ජනාධිපතිවීමට සූදානමින් නොසිටි බවත් විපක්ෂ නායකවරයා ආණ්ඩුව භාරගැනීමට ඉදිරිපත් නොවීම නිසා තමාට එය භාර ගැනීමට සිදුවූ බවත් ජනාධිපතිවරයා කීවේය.

එනිසා ජනාධිපතිවීමට සූදානම්ව සූට් මසාගෙන සිටි අයට එය සිදුකරගැනීමට නොහැකිවූ බව ද ඇඳුම් මැසීම සඳහා නිරපරාදේ වියදමක් දැරීමට සිදු වූ බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *