අරගලය මර්දනය කරන සියලු දෙනාට සජබ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා…! – ෆීල්ඩ් මාර්ෂල්…

October 20, 2022 at 7:29 pm | by emanisa.lk

රටේ ජනතාව ආර්ථික අර්බුදයට නිසා දැඩි පීඩාවකට ලක්ව ඇතැයි සජබ සභාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

මේ නිසා රටේ 85%ක් ජනතාව තුන්වේල කෑමට නොහැකි තැනට වැටී ඇති බවත් වේලකට එක එළවළුවක් හෝ දෙකක් කන තැනට පත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

රට විනාශ කළ මන්ද බුද්ධික හිටපු කෘෂිකර්ම ඇමැති, එංගලන්තේ ළමුන්ට පාසැල් දිවා ආහාරයට කෑම නැතැයි බොරු කියන බවත් ඒවාට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

අරගලය මර්දනය කරන සියලු දෙනාට සජබ ආණ්ඩුවක් යටතේ තරාතිරම නොබලා දඬුවම් කරන බවයි, ෆීල්ඩ් මාර්ෂල් අවධාරණය කළේ.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *