අරගලය නිසා දැවැන්ත ආයෝජනයක් අහිමි වෙයි..! මවුන්ට් එලිසබෙත් පෝර්ට්සිටියට එන්න බෑ කියයි…!

August 18, 2023 at 7:50 am | by emanisa.lk

කොළඹ වරාය නගරය භූමියේ සිංගප්පූරු මවුන්ට් එළිසබෙත් රෝහලේ ශාඛාවක් පිහිටුවීමට සැලසුම් කර තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක සඳහන් කරයි.

එය සිංගප්පූරුවේ රෝහලටත් වඩා විශාල රෝහලක් බව ද ජාත්‍යන්තර මට්ටමේ විශාල විශ්වවිද්‍යාලයක් එම භූමියේ ඉදි කිරීමට එකඟතාවකට පැමිණ සිටි බව ද හෙතෙම පැවසීය.

එහෙත් ගාළු මුවදොර ආශ්‍රිතව ඇතිවූ අරගලකාරී තත්ත්වය හේතුවෙන් එම ආයෝජකයක් පැමිණීම පස්ස ගැසුව බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් නැවතත් එම ආයෝජකයන් වරාය නගරයට ගෙන්වා ගැනීමට උත්සාහ දරනමින් සිටින බව ද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී. දිසානායක පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *