අරගලයට ගැහුවේ හමුදාව නෙමෙයි… හමුදා ඇඳුමින් ආ මැර කල්ලියක්…!

July 23, 2022 at 6:16 pm | by emanisa.lk

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන බවට දැනුම් තිබිය දී ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් අරගලකරුවන්ට පහර දීම පිටුපස විශාල සැකයක් මතුව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ආරක්ෂක හමුදාවල නිල ඇඳුම් ඇඳගෙන වෙනත් බාහිර කණ්ඩායමක් විසින් එම පහර දීම සිදුකර තිබෙන බවට ජනතාව අතර සැකයක් මතුව තිබෙන බවයි, මන්ත්‍රීවරයා කියා සිටියේ.

මෙවැනි මැර ප්‍රහාර ඔස්සේ ආණ්ඩුව සූදානම් වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉහළට ඔසවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් යටපත්කිරීමට බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් සමඟි ජන බලවේගය විසින් ඉල්ලා ඇති බව ද තිස්ස අත්තනායකපැවසුවේය.

මේ අතර මෙම ප්‍රහාරය ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත පැමිණිලි කිරිමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ඒ අනුව ජනාධිපතිවරයා පත් වී පැය 24ක් යාමට පෙර අපකීර්තිමත් පැල්ලමක් ලොවට මුදාහැරීමට කටයුතු කර තිබුණු බවයි, මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *