අරගලකරුවන් සටන් කළේ අපි වෙනුවෙන්…! ඔවුන් රකින්න නැඟී සිටිය යුතුයි..! – සුමන්දිරන්…

July 29, 2022 at 5:52 pm | by emanisa.lk

නව ජනපති සහ අගමැති බලයට පත්වූයේ අරගලය නිසා බව එම්.ඒ. සුමන්දිරන් පවසයි.

දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ, අරගලයෙන් බලයට පත් ජනාධිපතරයා අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි.

එම අත්අඩංගුවට ගැනීම් තරයේ හෙළා දකින බවත් අරගලකරුවන් සටන් කළේ අප වෙනුවෙන් බවත් සුමන්දිරන් සඳහන් කරයි.

මේ අවස්ථාවේ අප අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් පොලිස් අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව නැඟී සිටිය යුතු බවත් සුමන්දිරන් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *