අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට රු. 10 000ක්…! රාජ්‍ය ණය සීමාව දෙගුණ කරන්නත් යෝජනා..!

November 13, 2023 at 2:20 pm | by emanisa.lk

මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩිකිරීමට ජනාධිපති, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.

ඒ අනුව රජයේ සේවකයින්ට 2024 ජනවාරි සිට රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවන අතර පෙර පැවැති ජීවන වියදම් දීමනාව ද සමග එය රු. 17 800ක් වනු ඇත.

එසේ ම විශ්‍රාමික ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් ඉහළ දමා ඇති අතර මෙම වැඩිකිරීමත් සමග විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 6025ක් දක්වා ඉහළ යනු ඇත.

එසේම මෙවර අයවැය හරහා රජයේ සේවකයින්ට ආපදා ණය ලබාදීම ද වැඩිහිටි දීමනාව රු. 3000 දක්වා ද වකුගඩු දීමනාව රු. 7500 දක්වා ද ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

මේ අතර ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *