අඩු ආදායම්ලාභී ජනතාවට ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය බඩු මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ජනතාවගේ ජීවන වියදම ඉතා ම දරුණු මට්ටමකට පැමිණ ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඉදිරි අයවැය සහන පිළිබඳව විමසූ අවස්ථාවේදීය.