අමුල් ලොක්කෝ සහ අනුර සහෝදරයා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා..! – විජිත හේරත්..

February 11, 2024 at 8:18 pm | by emanisa.lk

තම නියෝජිත පිරිස අමුල් සමාගම සමග සිදුකළ සාකච්ඡාවේ දී යම් උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් මණ්ඩලය ප්‍රතිව්‍යුහත කිරීමේ දී කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ ටෙන්ඩර් කැඳවීමක් සිදුව නැතැයි තමන් පෙන්වා දුන් බව ද හෙතෙම සඳහන් කරයි.

ඇමැතිවරයා සිය පෞද්ගලික ඩීල් අනුව සමාගමක් තෝරාගෙන සිදුකරන එම ගනුදෙනුවලට තමන් විරුද්ධ බව අමුල් සමාගමට ප්‍රකාශ කළ බව ද විජිත හේරත් ප්‍රකාශ කරයි.

ඉදිරි ජනාධිපතිවරණය තමන් දිනන බව ඉන්දියාවට දැනුම් දුන් බවත් ජනතාව තෝරා පත්කරන ආණ්ඩුවක් සමග ගනුදෙනු කිරීමට සූදානම් බව ඉන්දීය රජය ප්‍රකාශ කළ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ, අද මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *