අමාත්‍යංශ විෂය පථ ගැසට් කරයි…! ආයතන 57ක් අගමැති රනිල් යටතට…!

May 31, 2022 at 3:07 pm | by emanisa.lk

කැබිනට් අමාත්‍ය ධූර 26ක විෂය පථයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එමගින් ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලුම විෂයන් සහ කාර්යයන් දෙපාර්තමේන්තු, රාජ්‍ය, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන තමා යටතේ තව දුරටත් පවතින බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වෙනි ව්‍යවස්ථාවේ 1 (අ) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ආයතන 57 ක් අයත් වන බව සඳහන් වේ.

ඊට ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල ද අයත් වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ආයතන 15 ක්, අධ්‍යාපන අමාත්‍යාංශයට ආයතන 36 ක්, ප්‍රවාහන අමාත්‍යාංශයට ආයතන 11 ක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ආයතන 27 ක් ඇතුළත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *