අමරකීර්ති ඝාතන නඩුවේ 37කට ඇප…!

July 28, 2023 at 12:29 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියට අදාළව විත්තිකරුවන් 37 දෙනෙකුට ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඇප ලබාදී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයට ලක් වූයේ පසුගිය වසරේ මැයි 09 වනදාය.

ගාලු මුවදොර අරගල භූමිය අසල එදින පස්වරුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය රට තුළ ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කළ අතර මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයේ සිට පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටිය දී නිට්ටඹුව නගර මධ්‍යයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක්විය.

මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්ෂක පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන ද එම අවස්ථාවේ ද ඝාතනයට ලක්විය. මෙම සිද්ධියට අදාළව 42කට නඩු පවරා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *