අපේ හැකියා සහ දක්ෂතාවලින් ආණ්ඩුව ප්‍රයෝජන ගන්නේ නෑ….! හිටපු කැබිනට් ඇමැතිවරුන් 04ක් හොඳට ම කලකිරිලා…!

March 15, 2021 at 5:19 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් 4 දෙනා වන මහින්ද සමරසිංහ, එස් බී දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න දැඩි ලෙස කලකිරීමට පත්ව ඇතැයි වාර්තා වෙයි.

හිටපු කැබිනට් ඇමැතිවරුන් වන තමන්ට වඩා කනිෂ්ටයින් මෙන්ම පළමු වතාවට පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරු ඉදිරිපෙළ අසුන් ගෙන සිටින බවත් දක්ෂතාව, හැකියාව හා අත්දැකීම් ඇති තමන්ගෙන් ආණ්ඩුව කිසිම වැඩක් නොගන්නා බවට චෝදනා ඔවුන් චෝදනා කරමින් ඇතැයි දැන ගන්නට තිබේ.

තමාට දිගට ම හතරවන පේළියේ අසුන් ගෙන සිටීමට සිදුවේ දැයි අනුර ප්‍රියදර්ශන යාපා පසුගිය වසර අග භාගයේ ජනපතිවරයාගෙන් විමසීමක් කර තිබූ අතර ඊට පිළිතුරු දෙමින් ජනපතිවරයා පවසා තිබුණේ ඔබට වැඩි කලක් යාමට මත්තෙන් පාර්ලිමේන්තුවේ පළමු පේලියට ඒමට අවස්ථාව ලැබෙන බවය.

මේ සිව් දෙනා ම පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමති ධූර දැරීම මෙවර ඇමති ධූරයක් නොලැබීමට හේතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *