අපේ පාරම්පරික අත් බෙහෙත් බටහිර බෙහෙත් වගේ ආබාධ හදන්නේ නෑ!

December 15, 2020 at 1:49 pm | by emanisa.lk

මෙ රට පාරම්පරික හෙළ වෙදකමෙහි එන අත්බෙහෙත් ආදිය බටහිර නිෂ්පාදනය කරන බෙහෙත් වර්ග තරම් අතුරු ආබාධ ඇති කරවන්නේ නැති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

සාදික්කා සහ මීපැණි සිරුරට අහිතකර විය හැකි බවට ඇතැම් කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

කොරෝනා වෛරස් රෝගය සඳහා ප්‍රතිකාර ලෙස දැනට දේශීය වශයෙන් හඳුන්වා දී ඇති සියලු ඖෂධ පරික්ෂාව සඳහා මහාචාර්යවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් වෙත යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *