අපේ ප්‍රතිපත්තිය හිරගෙවල් වහන එක… අරින්නේ සැමට සමව නීතිය ක්‍රියාත්මක වන නිසයි..! – නි. ඇමති නලින් හේවගේ…

July 10, 2026 at 5:30 pm | by emanisa.lk

විපක්ෂයේ අවසන් නවාතැන්පොළ බන්ධනාගාරය නිසා බන්ධනාගාර සහ ඒවායේ පහසුකම් වැඩි කිරීමට කතා කළද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බන්ධනාගාර අඩු කිරීම බව නි. අමාත්‍ය නලින් හේවගේ පවසයි.

බන්ධනාගාරගත වන ප්‍රමාණය අඩු කළ යුතු බවත් බන්ධනාගාර වැඩි කිරීමෙන් රටේ දේශපාලන සුජාතභාවයක් ඇති නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

එහෙත් මේ අවස්ථාවේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන නිසා රටේ බන්ධනාගාර යම් ප්‍රමාණයකට වැඩි වන නමුත් ඉදිරියේදී රටට බන්ධනාගාර අවශ්‍ය නොවන බවද නලින් හේවගේ සඳහන් කරයි.

නි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *