මාලිමාවට ඡන්දය දුන් ජනතාව මහා ප්‍රතාපවත් ලෙස ජීවත් වූ කෙහෙළිය රඹුක්වැල්ලලා බන්ධනාගාර බසයෙහි ගමන් කරනු දැක සතුටින් සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
එපමණක් නොව මහජන මුදල් අවභාවිත නොවීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය 25කට සීමා වීම ගැනද ජනතාව මහත් සතුටට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.
එසේම මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ හොරකම්වලට නීතිය ක්‍රියාත්මක වන විට ජනතාව සතුටින් ඇතැයිද හෙතෙම සඳහන් කරයි. ජොන්ස්ටන් ප්‍රනාන්දුලා රක්ෂිත බන්ධනාගාරගත වන විට ජනතාව සතුටින් ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.
ඊළඟ පාස්කු ප්‍රහාරයට පෙර පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවන බව ප්‍රකාශ කරන විට ජනතාව සතුටින් සිටින බවද රුවන් මාපලගම සඳහන් කරයි.