තමා ඉදිරියට ද දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ නම් යුග පුරුෂයාත් සමග බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.
සිය අනාගත නායකයා නාමල් රාජපක්ෂ බව කොන්ද කෙළින් තබා ගෙන පැවසීමට මැලි නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.
අතීතයේ මරණයක් දණින් ඉහළට එසවීමට ඉඩ නොදුන් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට මරණයක දී නිවන් සුව පතන මට්ටමට පත්ව ඇතැයි ද එය යහපත් බව ද රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේය.