අපේ ඡන්ද වෙන අය හොරකම් කරන්න පුළුවන්! ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට CCTV සවිකරන්න! – ශ්‍රීලනිපය

July 31, 2020 at 9:42 am | by emanisa.lk

ඡන්ද ගණන් කිරීමේ සියලුම මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවිකරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

ඡන්ද ගණන් කිරීමේදී ඇති විය හැකි දූෂණ සහ අක‍්‍රමිකතා වළක්වාලීමේ අරමුණින් සියලුම පක්ෂවලට සාධාරණයක් වන ලෙස මෙසේ සී.සී.ටී.වී. කැමරා සවිකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ බන්දුල වෙල්ලාල මහතා එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.

ඉතිහාසය දෙස බැලූ විට ජනතාවට ඡන්ද ගණන් කිරීමේදී අක‍්‍රමිකතා පිළිබඳ දැනුමක් ඇති හෙයින් සාධාරණ මැතිවරණයක් ජනතාව බලාපොරොත්තු වන බවත්, එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශේෂ ඉල්ලීම සිදු කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස