වර්තමාන ආණ්ඩුව ගොඩනැඟීමට බෙහෙවින් කැපවූ තමන්ගෙන් රටට ප්‍රයෝජනයක් නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් යම් යම් තීණ්දු නිසා පොදුජන පෙරමුණ ද අමාරුවේ වැටුණු බවයි.
කොළඹ සීත කාමරවලට නොපෙනුණ ද බිමට බැස බලන විට තවමත් විශාලතම පක්ෂය පොදුජන පෙරමුණ බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
කෙතරම් පක්ෂ බිහි වුව ද පොදුජන පෙරමුණට ඒවායෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ද එස්.එම්. චන්ද්‍රසේන වැඩි දුරටත් සඳහන් කළේ එම පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එකතු වෙමි.