අපි 2/3 තිබිලත් අධිකරණ තීන්දුවට හිස නැමුවා….! ජනාධිපතිතුමා ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදියි…! – නාමල්…

May 23, 2021 at 2:41 pm | by emanisa.lk

තම ආණ්ඩුවට 2/3 බලයක් තිබුණ ද වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණ තීන්දුවට ගරු කරමින්  ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කළ බව ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.

සියලු අධිකරණ සංශෝධන පනතට ඇතුළත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බව ද නාමල් රාජපක්ෂ අනාවරණය කරයි.

ශ්‍රෙෂ්ඨාධීකරණ තීන්දුව අනුව එහි ඇතැම් වගන්ති වෙනස් නොකර 2/3 බලය යොදා ගෙන සම්මත කර ගැනීමට අවස්ථාව තිබූ බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

එලෙස අධිකරණයට මෙන් ම ජනතාවට ඇහුන්කන් දීම ජනතාවදී ආණ්ඩුවක ස්වභාවය බව ද එම සංශෝධන නිසා වරාය පනතට හානියක් නොවූ බව ද නාමල් රාජපක්ෂ අවධාරණය කළේ ය.

අන්තනෝමතික ලෙස කටයුතු කරන ආණ්ඩුවක් නම් තම 2/3 බලය යොදා ගෙන පනත අනුමත කර ගැනීමට ඉඩ තිබූ බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *