අපි ෂම්මිගෙන් කප්පම් ගත්තා නම් ඔප්පු කරපල්ලා..! – අනුර…

November 10, 2023 at 7:01 pm | by emanisa.lk

ෂම්මි සිල්වා යනු කවුදැයි තමන් නොදන්නා බවත් ඔහු දැක ඇත්තේ රූපවාහිනියෙන් පමණක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

එම පුද්ගලයා තමන්ට කප්පම් ලබා දී ඇතැයි ප්‍රසන්න රණතුංග පවසන්නේ නම් වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි තමන් ඉල්ලා සිටින බව ද හෙතෙම කීය.

පාර්ලිමේන්තුවට පැමිණ කටමැන දෙඩවීම පසෙක තබා හැකි නම් මෙම චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටත කරන ලෙස ද අනුර දිසානායක අභියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *