අපි විපක්ෂේ ඉද්දි ඩොලර් මිලියන දෙකහමාරක් නැති වුණා නම් හොයාගන්න උදව් කරනවා…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

May 18, 2026 at 3:53 pm | by emanisa.lk

තමන් විපක්ෂයේ සිටියදී ඩොලර් මිලියන දෙකහමාරක් අතුරුදන් වූයේ නම් එය සොයාගැනීමට ආණ්ඩුවට සහය ලබාදෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙතති පවසයි.

මේ වන විට ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වන බවත් එහි ප්‍රතිඵල මොනවාදැයි විමසා බලන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

මෙවැනි අක්‍රමිකතාවක් සිදුව ඇතැයි සොයා ගත්තේ විපක්ෂය නොව ආණ්ඩුව බවත් ඒ පිළිබඳ කැබිනට්ටුවද දැනුම්වත්ව සිටියද විමර්ශන සඳහා බාධාවන නිසා ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් නොකළ බවද ඇමති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික රූපවාහිනියේ දේශපාලන සංවාදයකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *