කොළඹ නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වය දේශපාලන වාසි ලබාගැනීම සඳහා යොදාගත යුතු කරුණක් නොවන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
සිරස රූපවාහිනියේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, විනාඩි 50ක පමණ කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් කොළඹ නගරයේ මෙම ගංවතුර තත්ත්වය ඇති වූ බවයි.
මෙවැනි සිදුවීමක් පදනම් කරගෙන ආණ්ඩුවේ හෝ කොළඹ නගරාධිපතිනියගේ අසාර්ථකත්වය පෙන්වීමට ඇතැම් විපක්ෂයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උත්සාහ කළද, එවැනි කරුණුවලින් සමස්ත ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මැනිය නොහැකි බවද ඇමතිවරයා අවධාරණය කරයි.
අනවසර ඉදිකිරීම් සහ ජලය බැස යාමට බාධා වන ස්ථාන පිරිසිදු කිරීම වැනි කටයුතු මීට පෙර සිදුකළේ නම් මෙම තත්ත්වය යම්තාක් දුරට වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද ඔහු ප්‍රකාශ කරයි.
මෙම ගං වතුර අවස්ථාවේ මහින්ද, මෛත්‍රීපාල, ගෝඨා, රනිල් පාලන බලයේ සිටියේ නම් ජවිපෙ/ ජාජබ හැසිරීම කෙසේ වේදැයි මාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පෙන්වා දුන්නේ තමන් විපක්ෂයේ සිටියේ නම් ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකර සහයෝගය ලබා දෙන බවයි.
“අපි එහෙම කළේ නැහැ. මම විපක්ෂයේ ඉද්දි, කොළඹ නගර සභාවේත් මම හිටිය විපක්ෂයේ, අපේ මන්ත්‍රීවරුත් හිටියා. දේශපාලන ව්‍යාපාරයේ අපි එහෙම කරන්නේ නැහැ. අපි කරන්නේ අවශ්‍ය සහයෝගය දෙන එක. ස්වෙච්ඡාවෙනුත් අපි මැදිහත් වෙලා, අපේ විවිධ සංවිධාන මැදිහත් වෙලා ඒ වෙලාවේ විපතට පත් වෙන අයට උදව් කරලා තියෙනවා.”