පසුගිය 06 වෙනිදා හවස ඇද වැටුණු වර්ෂාවත් සමග මුළු කොළඹ පමණක් නොව ඉතිහාසයේ ප්රථම වතාවට කොළඹ ජාතික රෝහලද මහා ගං වතුරකින් යටවූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
නගරාධිපතිනි ව්රායි බල්තසාර් ඊට හේතුව පැයකට මිලි ලීටර් 30ක වැසි ජල ධාරිතාවක් දරාගත හැකි කොළඹ කාණු පද්ධතියට මිලි ලීටර් 129ක ජල ධාරිතාවක් ලැබීම බව ප්රකාශ කළද එය තවත් මාලිමා පචයක් බව ඔහු පෙන්වා දෙයි.
1992 ජුලි 04 වෙනිදා මිලි ලීටර් 494ක සහ 2010 නොවැම්බර් 04 වෙනිදා මිලි ලීටර් 410ක දැවැන්ත වැස්සක් කොළඹ ඇද වැටුණු බවත් ඒ සමග සසඳන විට මෙදා වැටුණු මිලි ලීටර් 129ක වැස්ස, වැස්සක්දැයි ගම්මන්පිල ප්රශ්න කරයි.
එසේම 2006 සිට 2014 දක්වා මිලි ලීටර් 100ට වැඩි වැසි කොළඹට දින 19ක් ඇද වැටුණු බව ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් හෙතෙම ප්රකාශ කරයි. මේ කිසිදු අවස්ථාවක කොළඹ මේ ආකාරයට මහා ජලාශයක් සේ යට නොවූ බවත් ඊට මූලික හේතුව මිලී ලිටර් 129ක වැස්ස නොව කොළඹ කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම, නැවත අනවසර ඉදිකිරීම් සිදුකිරීම සහ කොළඹ වැසි ජලය පිට කරන පොම්පාගාර අක්රීය වීම බවද උදය ගම්මන්පිල අවධාරණය කරයි.
මෙම විනාශය සිදුවූයේ ක්ලීන් ශ්රී ලංකා නමින් මහජන ධනය ප්රකෝටි ගණනින් වැය කරන අනුර දිසානායක සහ කොළඹ අනවසර ඉදිකිරීම්වලට ඉඩදුන් ව්රායි බල්තසාර් බවත් පාස්කු වින්දිතයන්ට එවක ජනාධිපති සහ නිලධාරීන් සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙව් ආකාරයටම අනුර සහ බල්තසාර් සිය පෞද්ගලික ධනයෙන් හෝ පැලවත්ත පක්ෂ අරමුදලින් කොළඹ විපතට පත් ජනතාවට වන්දි ගෙවිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
2010 මිලි ලීටර් 410 දැවැන්ත වැස්සෙන් පාර්ලිමේන්තුව පවා යටවුවද අනතුරුව නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ කොළඹ නැවත ගං වතුරින් යට නොවන පරිදි කාණු පද්ධති සකස් කර අනවසර ඉදිකිරීම් ඉවත් කර කොළඹ ලොව සුපිරිසිදුම නගරයක් බවට පත්කළ බවත් එවක සංචාරකයන් කොළඹ යුරෝපයේ ලන්ඩන් පැරිස් නගරවලට සම කළ බවත් උදය ගම්මන්පිල ප්රකාශ කරයි. ඊළඟ වැස්සෙන් කොළඹ යට නොවන්නට නම් නගරාධිපතිනිය වැස්සට නොබැණ කටින් නොව ක්රියාවෙන් වැඩ කළ ගෝඨාභය රාජපක්ෂ ආදර්ශයට ගතයුතු බවත් අවධාරණය කරයි.