ආයුර්වේද වෛද්‍යවරු කොරෝනා එන්නත ප්‍රතික්ෂේප කරති….! ආයුර්වේදයේ කොරෝනාවලට වඩා රෝගවලටත් බෙහෙත් ඇතැයි ද කියති….!

February 18, 2021 at 4:14 pm | by emanisa.lk

කොරෝනා වෛරසය සඳහා එන්නත් අවශ්‍ය නැතැයි ආයුර්වේද වෛද්‍යවරුන් අති බහුතරයක් තීරණය කර ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් රුවන් ඉන්දික සඳහන් කරන්නේ එම වෛද්‍යවරුන් කොරෝනා එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇති බවයි.

ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ද කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කර ඇති නමුත් එම වෛද්‍ය පිරිස සඳහන් කර ඇත්තේ එන්නට වඩා ආයුර්වේද ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනඟාගත හැකි බවට විශ්වාසයක් ඇති බවයි.

එමෙන්ම ආයුර්වේද ඖෂධ මගින් කොරෝනා පමණක් නොව ඕනෑ ම වෛරසයක් එකක් සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් ලබා ගත හැකි බවද සංගමය කියා සිටී.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *